අපේ ආදර්ශය චේවත් පිදෙල්වත් නොවිය යුතුයි - පාඨලී
වර්තමානයේ අප විසින් ආදර්ශයට ගත යුත්තේ පිදෙල් කැස්ත්‍රෝ හෝ චේගුවේරා නොවන බවත් අපනයන භෝග වන තේ පොල් රබර්වලට වඩා වැඩි අපනයන ආදායමක් අද වන විට පරිගණක මෘදුකාංග යෙදෙවුම් වැඩසටහන් (ඇප්) නිර්මාණය තුළින් ලබා ගත හැකි බවත් මහානගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හා සිවිල් සංවිධාන එක්ව සංවිධානය කළ “මානව අයිතීන් සුරැකෙන සංවර්ධන උපාය මාර්ග” යන මැයෙන් සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අද අපේ ආදර්ශය වෙන්න ඕන පිදෙල් කැස්ත්‍රෝ හරි චේගුවෙරා නෙමෙයි. අද ආදර්ශය වෙන්න ඕන මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජි. ඒ තමයි අපිට තියෙන යුගය. අලි බාබා හදපු ජැක්, ගුගල්,ෆේස්බුක් හරි, බයි ඩූ, මේ අය කවුරුවත් දැවැන්ත ප්‍රාග්ධනයක් එක්ක මේ වෙළඳ පොළට ඇතුළු වුනු අය නෙමෙයි. තමන්ගේ නවෝත්පාදන ක්‍රියාවලිය හරහාම මේකට ඇතුල් වෙලා ලෝකය වෙනස් කරපු අය. මෙහි තියෙන සීමා මායිම් අත්‍යන්තයි.
අද ලංකාවේ මේ කවුරුත් අමතක කලාට ඇප් හදන කට්ටිය, රබර් සහ පොල්වලට වඩා අපනයන ආදායමක් ගේනවා. අපි මේක උස්සන්න ඕන තේ, පොල්, රබර්වලට වඩා වැඩියෙන්. මේක උස්සන්න නම් මේකට අවශ්‍ය යටිතල පහසුකම් හදන්න ඕන. ඒකට අවශ්‍ය ඒ වැඩසටහන හදන්න ඕන. ඒකට තමයි මහරගම අපි තාක්ෂණ පීඨය ඇති කළේ. ශිෂ්‍යයන්ගේ අයිතීන් ගැන කතා කරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තමයි මේවට විරුද්ධව පෙළපාළි යන්නේ.
අවුරුදු 10කට කලින් අපි කවුරුවත් හිතුවේ නැහැ කර්තෘවරු නැති පත්තරයක් තියෙනවා කියලා. අද ඒක තියෙනවා. ඒක තමයි ෆේස් බුක්. අපි කවුරුත් අවුරුදු 10 කට කලින් හිතුවේ නැ ඉස්කෝල පන්ති කාමරයක් තියෙනවා කියලා ගුරුවරු නැති, පුස්තකාල නැති, විද්‍යාගාර නැති, අද ඒක තියෙනවා. ඔන් ලයින් ස්කූලින්, දැන් මේක ඔන් ලයින් ෆැක්ටරිස් බවටපියවරෙන් පියවර යනවා. තව අවුරුදු 10 කින් අපි වැඩිහිටියෝ වෙලා,වයසට ගිහිල්ලා, මේ රට ලෝකේ සම්පූර්ණ වෙනස් එකක්. මේකට අපි ඇතුල් වෙන්න ඕනා” යැයිද පැවසීය.

popular news
-
Champa Sunday, 15 July 2018 09:29 PM
I don’t think you have any knowledge of Fidel Castro or Mark Zuckerberg. The world says “Mark Zuckerberg is actually Fidel Castro in flip flops.” You should compare Cuba under Batista, the US backed dictator and Cuba under Castro, the revolutionary who brought economic, political and social prosperity to Cuba.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
