ආණ්ඩුව දැන් ගොඩක් බැනුම් අහන බවත් නොසෑහෙන්න හැමවේලාවේම දැන් බැනුම් අහන බවත් ගමට සේවාව සැපයීමේ තිබෙන අඩුපාඩු නිසා බැනුම් අහන්න සිදුවී ඇති බවත් ආණ්ඩු පක්ෂ පාර්ලෙමේන්තු මන්ත්රී ගීතා කුමාරසිංහ මහත්මිය අද(6) පස්වරුවේ ඉදුරුවේ පැවති ජන හමුවකදී කීවේය.
එහිදී තව දුරටත් කතා කළ කුමාරසිංහ මහත්මිය මෙසේද කීවාය.
දැන් ඔයාලාට තේ එකක් බොන්න සීනි නැතිවුණාම මහින්ද රාජපක්ෂ මහත්තයාටත් බනිනවා.බන්දුල ගුණවර්ධන මහත්තයාටත් බනිනවා.අන්තිමේදී අපිටත් බනිනවා.
ඊලගට සිමෙන්ති නැහැ.2020 පාස්වුනු පාරවල් ටික හදන්න සිමෙන්ති නැහැ.සිමෙන්ති නැති නිසා සමහරු මට බනිනවා මම ආණ්ඩු විරෝධී කියලා.අනේ නැහැ මම ආණ්ඩු විරෝධී නැහැ.දැන් පොහෝර කතන්දරේ ආවා.මේ පොහෝර වැඩේනම් ජනතාව ලොකු කරදරේක දාපු කතන්දරයක්.අනේ කුරුදු ටික අනේ තේ ටික එහෙන් කුඹුරු ටික ගොවීන්ට කරගන්න විදිහක් නැහැ පොහෝර නැතිව.මේ එකක්වත් කරගන්න බැරිවෙද්දී මිනිස්සු ආණ්ඩුවට බණිනවා.
දැන් ඉන්දියාවෙන් පොහෝර ගෙන්වනවා විශාල මුදල් දිදී.හාල් අපනයනය කරනවා.අපිට හාල් අතිරික්තයක් තිබ්බා.මේ ගෙන්වන හාල් මොනවා දාලා හදලා ද කියලා කවුද දන්නේ.අපිට් මේ ගෙන්වන හාල් ෂුවර් නැහැනේ.කවුද දන්නේ මේ මොන හාල් ද කියලා යයිද කුමාරසිංහ මහත්මිය කීවාය.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත