ශල්‍යාගාර භාර ප්‍රධාන හෙද නිලධාරිනියට පහරදුන් විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මහරගම අපේක්ෂා රෝහලේ හෙද නිලධාරීන් අද(18දා) විරෝධතාවක් සංවිධානය කර තිබුණි .
අපේක්ෂා රෝහලේ හෙද - හෙදියන් 300 කට ආසන්න පිරිසක් රෝහල ඉදිරිපිටට පැමිණ පැය දෙකක පමණ කාලයක් විරෝධතාවයේ නියැළුණහ.
ශල්‍යකර්ම සඳහා නියමිත නාමලේඛනයේ අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් නොවන දෙදෙනෙකුට අයත් රෝගීන් දෙදෙනකුගේ නම් දෙකක් තිබීම පිළිබඳව ප්‍රධාන හෙද නිලධාරිනිය ඊයේ (17දා) මෙම ශල්‍ය වෛද්‍යවරයාගෙන් විමසා තිබේ .එහිදී වෛද්‍යවරයා ඊට උරණ වි ශල්‍යාගාරය භාර ප්‍රධාන හෙද නිලධාරිනිය සමග බහින් බස් වීමක් ඇති කරගෙන පසුව ඇයට පරුෂ වචනයෙන් බැන මෙසේ පහරදීමක් සිදුකර ඇතැයි විරෝධතා කරුවෝ පවසති.
පහරකෑමට ලක්වූ ප්‍රධාන හෙද නිලධාරීනිය ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මේ වන විට එහි ප්‍රතිකාර ලබයි.
මේ පිළිබඳව මහරගම පොලිසියේ පැමිණිල්ලක් සිදු කොට පැය විසි හතරක් ඉක්ම ගොස් ඇතත් මේ දක්වා නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව මෙම විරෝධතාව දක්වන බවත් විරෝධතාකරුවෝ පැවසූහ
තවද පහරදීම සිදුකළ ශල්‍ය වෛද්‍යවරයා අද (18දා) රෝහලේ නිදැල්ලේ රාජකාරීවල නිරතව ඇති බැවින් පාලනාධිකාරිය ඔහුට විරුද්ධව විනය පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව ද අපේක්ෂා හෙද සංගමයේ සභාපති ආර්.කේ. ලෝරන්ස් මහතා පැවසීය.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න



