මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සදහා කොරෝනා මර්දන එන්නත් ලබාදීම සිදුකෙරෙන අතර මේ වනවිට කිසිදු සංකූලතාවක් වාර්තාවී නැති බව විශේෂඥ වෛද්‍ය සමන්මලී ගුණසේකර මහත්මිය පවසයි.
එම රෝහලේ සායන සදහා පැමිණෙන දරුවන් ද එන්නත්කරණයට යොමුවන ලෙසයි ඒ මහත්මිය දැනුම් දෙන්නේ.