අමාත්‍ය මණ්ඩලය වෙනසක් වනවාද නැතිද යන්න තමන් නොදන්නා බවත් එය වෙනස් කිරීම ජනාධිපතිවරයාගේ තීරණයක් බවත් තමන්ට ඒ සම්බන්ධව කලකිරීමක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
ලබුදූව ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවීන් ඇගයීම සඳහා අක්මීමන ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවසීය.
අපේ චේතනාව හොඳ දෙයක්. අපි හොඳ ව්‍යාපෘතියක් තමයි කළේ මෙහි අඩුපාඩුකම් තියෙනවා .ඒ නිසා මෙතනදි ගොවීන්ට කිසිදු අසාධාරණයක් නොවී අපි මේ රටේ ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන මේ වැඩේ ගෙනි යන්නයි හදන්නේ.ඒ නිසා මේ ගැන කිසිදු කලකිරීමක් නෑහැ. ඕනෑම ව්‍යාපෘතියක් කිරීමේදී නැගීම් බැසීම් තියෙනවා. සාර්ථක වෙන්න පුළුවන් අසාර්ථක වෙන්න පුළුවන් නමුත් ආණ්ඩුව මේක කළේ හොඳ චේතනාවෙන්. ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා. වස විසෙන් තොර ආහාර වේලක් මේ රටේ මිනිස්සුන්ට දෙන්න ඒ නිසා තමයි එතුමා මේ හරිත කෘෂිකර්මාන්ත තීන්දුව ගත්තේ . අපි කාටත් වඩා එහා පැත්තට ගිහිල්ලා විරුද්ධ කණ්ඩායම් ඒ සටනට විරුද්ධව නායකත්වය දුන්නා. ඒ නිසා ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් හැටියට ආණ්ඩුව නැවත තීරණය කළා රසායනික පොහොර ආනයනය කරන්න.
පරිසරහිතකාමි කෘෂිකර්මාන්තයකට යන්න තමයි අපි තින්දු කළේ.අපි කියපු දේට වඩා වඩා වෙනස් මතයක් මේ රටේ ජනගතවිම වැඩිවුනා. ඒ පිළිබද ජනතාව හරියට දැනුවත් වුනේ නැහැ හරිදේ කිවේ නැහැ. . අපි හොඳ දෙයක් කරන්න ගියේ. ගොවීන් මේ සදහා විරුද්ධ වෙච්ච නිසා අපි රසායනික පොහොර ගෙන්විමට තීරණය කළා. රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ. නමුත් සහනාධාර ලබා දෙන්නේ හරිත කෘෂි කර්මාන්තයට පමණයි. කැමති ගොවියෙකුට රසායනික පොහොර භාවිතා කරලා තමන්ගේ වගාවන් කරගන්න පුළුවන්. අපේ භූමිය අපේ වගා කරන්නේ නෑහැ. කඩේ එළවලු මිල වැඩියි කියනවා. හැබැයි තමන්ගේ ගෙවත්ත කරලා බටු පැලයක් සිටුවා ගන්න අපි උනන්දු වෙන්නේ නෑහැ..
අපේ තියන භූමිය හරියට වගා කළොත් අපිට මේ කිසිවක් කරන්න අවශ්‍ය නෑ. පිටරටින් කන්න බලාගෙන ඉන්න තාක් කල් අපිට සිද්ධ වෙනවා ඒගොල්ලො දෙන මිලට කන්න. අපි පරිප්පු ටික පිටි ටික සීනි ටික සියල්ලම ආනයනය කරනවා . මේ නිසා නැව් ගාස්තු වැඩි වෙලා බඩු බඩු මිල වැඩි වෙලා තියෙනවා. යැයිද අමතිවරයා කිවේය.

චන්දන සමරවික්‍රම