අපි මන්ත්‍රීවරුන්ට එක සමානව සැළකුවා
කුමන මැතිවරණයකට වුවද සාර්ථකව මුහුණදීමට සූදානම් බවත්, තම කාලයේදී සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකූ බවත් විපක්ෂානයක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
නුවරඑළියේ පැවැති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදින් යොමුකළ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයකට පැමිණීමට තවම සාකච්ඡා කරමින් පවතිනවා. ජනාධිපති මැතිවරණයට කොයි අපේක්ෂකයා ඉදිරිපත් වුණත් ජනතාව බුද්ධිමත් තීරණයක් ගන්නවා.
දැන් ජනතාවට හිතන්න කාලය ඇවිත් තියෙනවා. අපේ කාලයේ නුවරඑළිය මහ රෝහල ඉදිකළා මේ අයට ඒකට ඇඳන් ටික දාල විවෘත්ත කර ගන්න තවම බැරි වෙලා තියෙනවා.
පළාත් සභා මැතිවරණය තමයි එන්න ඕන. ජනාධිපති මැතිවරණය තමයි ඊළඟට බලාපොරොත්තු වෙන් ඕන. නීත්‍යානුකූලව ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතුයි. මොන මැතිවරණය ආවත් අපි ඒකට සාර්ථකව මුහුණ දෙන්න සූදානම්. මම සෑම මන්ත්‍රීවරයෙකුටම එක හා සමානව සැලකුව”
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
popular news
-
Champa Friday, 19 April 2019 05:55 PM
පළාත් සභා සුදු අලියා අනිවාර්යයෙන්ම අහෝසි වෙන්න ඕනේ. දැන් හොඳටම පේනවා පළාත් සභා වලින් වැඩක් කෙරිලා නැහැ කියල. පළාත් සභා නැහැ කියල මිනිස්සුන්ට වගේ වගක් නැහැ. දේශපාලන හෙන්චයියන්ව නඩත්තු කරන්න මිනිස්සු බැඳිලා නැහැ. අනිත් එක පළාත් සභා තමයි බෙදුම්වාදයේ අන්තිම පුරුක. ඒකත් නැති කරලා දාල අනාගතේ කිසිම දවසක නැවත බෙදුම් වාදයට හිස ඔසවන්න බැරි කරන්න ඕනේ. මේක මම LCN එකට ලිව්වේ 2016. එදා ඉඳන් තාමත් කියනව පළාත් සභා අහෝසි කරන්න ඕනේ. 2009 යුද්ධේ දිනන වෙලාවේ අගේට තිබ්බ පළාත් සභා අහෝසි කරන්න. ඒ වෙනුවට 13 plus කියල 13 ටත් වැඩිය උතුරට දෙන්න පොරොන්දු වුනාලු. දැන් පොහොට්ටුවේ ප්‍රතිපත්ති ගැන බැසිල් කරපු ප්‍රකාශ වලින් පේනවා 13 plus පිටිපැස්සේ ඉඳල තියෙන්නේ බැසිල් කියලා. ත්‍රිවිධ හමුදාවේ 28,708 කුත් ජීවිත පූජා කරලා තව 40,107 කුත් ආබාධිත වෙලා ඉවර වෙලත් තවදුරටත් බෙදුම්වාදයට රුකුල් දෙන පළාත් සභා තියා ගන්නවා කියන්නේ බෙදුම්වාදය අවසන් කරන්න රට වෙනුවෙන් ජීවිත පූජා කරපු, අබාධිත වුනු, යුද්ධය ඉවර කරන්න දායක වුනු සහ දැනටත් සේවයේ ඉන්න රණවිරුවන්ට කරන අන්තිම අගෞරවයක්. ඔවුන් පාවා දීමක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

