වත්මන් රජය ක වෙනස බඩට, සාක්කුවට දැනී නොමැති මුත් ණුවනැත්තන්ට ඒ පිළිබඳව අදහසක් ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසය.
අද (01දා) හිගුරක්ගොඩ නව බස්නැවතුම්පළ විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවකට එක්වෙමිණ් ඔහු මේ බව පැවැදීය.
“අද අපේ ගමන් මග පිළිබදව අද රටේ නොයෙක් අය නොයෙක් විවේචන කරනවා.අද මේ රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කරලා තිබෙනවා. ජනාධිපතිවරයාට ඕනෑම කුණුහරුපයක් කියලා බනින්න පුළුවන් විදිහට නිදහස සහතික කරලා තියෙනවා.
ඕනෑම අසීලාචාර කතාවක් සමාජ වෙබ් අඩවි හරහා ගහන්න ඕනේම අසීලාචාර කතාවක් නිර්මාණය කරන්න නිදහස මම ලබා දීලා තිබෙනවා.ප්රජාතන්ත්රවාදය තහවුරු කරලා මිනිසුන්ගේ නිදහස තහවුරු කරලා ,මාධ්‍ය නිදහස තහවුරු කරලා තිබෙනවා.
ඔයා මොනවද කළේ කියන අය දැනගන්න ඕනෑ මේ සමාජය 2015 ජනවාරි 8 මගෙන් ඉල්ලුවේ රක්ෂාවල් නෙමෙයි, කෑම බීම නෙමෙයි, ඇදුම් පැළදුම් නෙමෙයි මට ඡන්දය දීලා මේ රටේ ජනතාව ඉල්ලුවේ ප්රජාතන්ත්ර්වාදය ,නිදහස සතුටින්,සැකෙන් බියෙන් තොරව ජීවත් වීමේ සමාජයක් මගෙන් ඉල්ලුවේ.
මම ඒ සමාජය මේ රටේ ජනතාවට අද දීලා තියෙනවා. සුදු වෑන් නැති කරලා තිබෙනවා. අතුරුදහන් වීම් නැති කරලා තිබෙනවා. මාධ්‍ය ආයතන ගිනි ගන්න එක නැති කරලා තිබෙනවා.මාධ්‍යවේදීන් රට හැරදාලා යන එක නැති කරලා තිබෙනවා.පුවත්පත් කතුවරුන් මහමග වෙඩි කාලා මැරෙන එක නවත්වලා තියෙනවා.
ඒ සියල්ල අද වෙනස් කරලා තියෙනවා. ඒ වෙනස බඩට දැනිලා නෑ. ඒ වෙනස සාක්කුවට දැනිලා නෑ. ඒ වෙනස මොලේ තියෙන මිනිස්සුන්ට දැනෙනවා.දැනුනත් සමහර අය නොදැනෙන විදිහට ඉන්නවා අපි දන්නවා. මේ රටේ ඇති කරපු වෙනස්කම් එක්ක අද මුලු ලෝකයම පිලිගන්නවා ගෞරව කරනවා.ද ලෝකයේ කිසිම සතුරෙක් නෑ අපට."
තුෂාර තෙන්නකෝන්
