අපි කරපු දේ හරියට කර ගන්න බැරිවුණා
පොහොර ගැටලුව හේතුවෙන් තම වසර 32ක දේශපාලනය නැති කර ගත් බවත් තමන් කෘෂිකර්ම ඇමති වුවත් පොහොර භාරව සිටින්නේ රාජ්‍ය අමාත්‍යවරයා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය. ගොවියන් කරන උද්ඝෝෂණ සාධාරණ බවත් මේ කන්නයේදී සැලසුම් කළ ආකාරයට කටයුතු කිරීමට නොහැකි වූ බවත් ඔහු පැවැසීය.
"මේක අසාර්ථක වෙන්න තව හේතු ගණනාවක් බලපෑවා. පළවෙනියට ජනාධිපතිතුමා මේ ගත්ත තීන්දුව වෙනුවෙන් ආණ්ඩුව හිටගත්තෙත් නෑ. මම අවුරුදු 32ක දේශපාලනය නැති කරගත්තා මේකෙන්. මම කෘෂිකර්ම ඇමති උනාට මගේ රාජ්‍ය අමාත්‍යතුමා තමා පොහොර විෂයභාර ඇමති.
එතකොට මම මේ වෙනුවෙන් හිටියේ වෙන මුකුත් නිසා නෙමෙයි මගේ නායකයා ජනාධිපතිතුමා ගත්ත තීන්දුවක් මම ප්‍රතිපත්තියක් හැටියට හැමදාම නායකයා වෙනුවෙන් ඉන්නවා. දෙවැනි එක මේ තීන්දුව නරක දෙයක් නෙමෙයි. මගේ හෘද සාක්ෂියට එකඟව හොඳ දෙයක් නිසා ගුටි කාගෙන හරි බැනුම් අහගෙන හරි මම මේ වෙනුවෙන් හිට ගත්තා.
හැබැයි අපි අවංකව පිළිගන්නවා මේ කන්නයේ අපි කරපු දෙය අපිට හරියට කරගන්න බැරි වුණා කියලා. ඒක බොහොම අවංකව පිළිගන්නවා. ඒ නිසා මේ ගොවියෝ කරන උද්ඝෝෂණ, ගොවියෝ කරන චෝදනා කිසිවක් අපි ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒ වේදනාව සාධාරණයි.
පොහොර මිල ඉහළ ගියා ප්‍රශ්න ගණනාවක් ආවා මේ සියල්ල පිළිබඳ අපි පිළිගන්නවා. ඒ නිසා ඊළඟ කන්නයේ කිසිදු ප්‍රශ්නයක් නොනඟින පරිදි නියමිත වෙලාවට බීජ ටික ලබාදෙන්න වෙළෙඳපොළේ රසායනික පොහොර ඕන කෙනෙකුට ගන්න පුළුවන් විදියට හදන්න හරිත කෘෂිකර්මාන්තයට කැමති ගොවියන්ට අවශ්‍ය පොහොර ටික පළිබෝධනාශක, දිලීරනාශක සියල්ල ලබාදෙන්න වැඩපිළිවෙල අපි හදලා තියෙනවා."

popular news
-
lion Friday, 14 January 2022 09:33 AM
Hariyata karagaththe komis gahana eka witharai.
Reply : 0 38
LGPJ Monday, 24 January 2022 04:06 PM
Now you can do it too !!!!
Reply : 0 80
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

