අපිට තනිව වේගයෙන් යන්න පුළුවන් කෙටි දුරයි
නව ශ්‍රී ලංකාවක් ගොඩ නැංවීමේදී අධ්‍යාපනයේ පරිවර්තනයක් අවශ්‍ය බවත් ඒ් වෙනස කිරීමට සූදානම් බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ජාතික නිදහස් උත්සවයේදී ජාතිය අමතමින් ඔහු මේ බව පැවැසීය.
"බොහෝ අය තම තමන් වෙනුවෙන් සටන් කරනවා අරගල කරනවා. යම් කිසිවෙක් රට වෙනුවෙන් අනාගත පරම්පරාව වෙනුවෙන් තම
ජීවිතය පරිත්‍යාග කර සටන් කරනවා නම් ඔවුන් විරුවන්. අපේ මුතුන් මිත්තන්ගේ ලේ ක ඳු ලු දහදියෙන් මේ පොලොව තෙත්ව තිබෙනවා. ඔවුන් වෙනුවෙන් අපේ ගෞරවය පුද කළ යුතුයි. නිදහසින් පසුව 74 වසරගත් ගතව තිබෙනවා. නිදහස පරිපූර්ණ වෙන්නේ අපිට මොනතරම් වශයෙන් ආර්ථික නිදහස අත්කර ගත හැකිද යන්නයි. අපිට ඒ් වෙනුවෙන් සටනක් තිබෙනවා.
අපි මේ ශ්‍රී ලංකාව යළි ප්රතිශ්ඨාපනය කළ යුතුයි. අපි පෞඩ ඉතිහාසයකට උරුකම් කර තිබෙනවා. අපේ මුතුන් මිත්තන් ඒ් ඒ් යුගවල තාක්ෂණයට අනුගතව තිබෙනවා.අපේ ජාතියේ සාරය මත ගොඩනැගෙන ආර්ථිකයක් ගොඩ නැගිය යුතුයි. නරක දේ බැහැර කරන්න පැකිලෙන්නේ නෑ.
අපි මහා සමුද්‍ර කළාපයකට හිමිකම් කියනවා. හැබැයි ඒ් සියල්ලටම වඩා සම්පත වන්නේ මානව සම්පතයි. අපේ මානව සම්පත දියුණු ජාතියක් සමග උරෙන් උර ගැටෙන මානව සම්පතක් ගොඩ නැගිය යුතුයි. දැනුමෙන්, තාක්ෂණයෙන්, සහකම්පනයෙන් අනූන
මානව සම්පතක් ගොඩ නැගිය යුතුයි. ඒ් වෙනුවෙන් අපේ අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් ගොඩ නැගිය යුතුයි. ඒ් වෙනුවෙන්
පරිවර්තනීය වෙනව කරන්න අපි සූදානම්. ඒ් වෙනුවන් ජනතාවගේ සහාය අපිට ලැබෙනවා.
අපි බෙදුනොත් අපේ ශක්තීන් දුබල වෙනවා. ශ්‍රී ලංකාව ආගම් කිහපයක් අදහන ජනතාවක් ඉන්නවා. ප්‍රධාන වශයෙන් භාෂා දෙකක් මව් භාෂාව කරගත් රටක්. අපේ රටේ ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩ දෙන්නේ නෑ. අපි නව ශ්‍රී ලංකාවක් ගොඩ නැගිය යුතුයි. සෑම දෙනාම නීතියේ සීමාවට යටින් සිටිය යුතුයි. පොදු ජනතාව තුළ නීතියේ ආධිපත්‍ය ගැන විශ්වාසය ඇති කළ යුතුයි. රට ගොඩනැංවීිමේීදී අප පමණක් නෙමෙයි අනාගත පරම්පරාව වෙනුවෙන් රටක්ගොඩ නැගිය යුතුයි.පාරිසරික පද්ධතීන් ශක්තිමත් කිරීම ගොඩනගමු ශ්‍රී ලංකා වැඩසටහනේ මූලික අරමුණයි.
පරිසර පද්ධතීන් විනාශ කරගෙන යන්නේ නෑ. ගොඩනගමු ශ්‍රී ලංකා වෙනුවෙන් අපිට ජාත්‍යන්තර වශයෙන් විශාල සහායක් අවශ්‍යයි.අපි ශක්තිමත් නොසෙල්විය හැකි ආර්ථිකයක් ගොඩ නැගිය යුතුයි. 2025 වසර ආර්ථිකයක තිරසාර බව මනින වැදගත් සාධක
සියල්ලම වගේ සාර්ථිකව තිබෙනවා.
2006 වසරෙන් පසු වැඩම ආදායම 2025, ජංගම ගිණුවේ වැඩිම අතිරික්තය 2025, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැඩිම ආදායමක් උපයපු වසර 2025. ආර්ථිකයක් රදා පවතින්නේ සංඛ්‍යා දත්තවලින් පමණක් නෙමෙයි. ආර්ථික ජයග්‍රහණ පතුලේම ජනතාව කරා ගලාගෙන යා යුතුයි. ජන ජීවිතය උසස් කරන්නේ නැත්නම්, පහසු කරන්නේ නැත්මන් ඵලක් නෑ. පහළම කොටසට ප්රතිලාභ ගලා යන නව ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම අපේ අභිප්‍රායයි. අප්‍රිකානු හිතෝපදේශයක් තිබෙනවා ඔබට වේගයෙන් යා යුතුනම් තනියෙන් යන්න, ඔබට වැඩි දුරක් යන්න ඕන නම් සාමූහිකව යන්න. අපිට තනිව වේගයෙන් යන්න පුළුවන් කෙටි දුරයි. අපිට වැඩි දුරක් යන්න ඕන. ඒ වෙනුවෙන් අපි එක්ව යමු."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

