කිසියම් අපරාධයක් කිරීම සඳහා ගිනිඅවිද සමග යමින් සිටි සැකකරුවන් දෙදෙනකු හික්කඩුව පටුවත ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හික්කඩුව පොලීසිය අද (2) සමත් වී ඇත.
හික්කඩුව පටුවත ප්රදේශයේ සැකකටයුතු ලෙස තරුණයින් දෙදෙනකු රැඳී සිටින බවට පොලීසියට ලැබුණ තොරතුරකට අනුව පොලීසිය අදාළ ස්ථානයට ගොස් ඇත.
පොලීසිය එම ස්ථානයට යන අවස්ථාවේදී එක් තරුණයෙකු පැනගොස් ඇති අතර එහි සිටි අනික් තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.
පසුව පොලීසිය සැකකරු සිටි ස්ථානයේ ලේ වැගිරී තිබෙනු දැක ඒ පිළිබඳව ප්රශ්න කර තිබේ.
එහිදී පළමුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු පළාගිය සැකකරුට වෙඩි වැදුන බව පොලීසියට පවසා ඇත. අනතුරුව පොලීසිය කිලෝමීටර් තුනක් පමණ දුර පිහිටි නිවසක සිටියදී තුවාල ලත් තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ පාදයේ විශාල තුවාලයක් තිබූ බව පොලීසිය කියයි.
තුවාලකරු ගාල්ල කරාපිටිය රෝහල වෙත පොලීසිය විසින් ඇතුළත් කරනු ලැබ ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත රිවොල්වරයක් , මෙරට නිෂ්පාදිත ගිනි අවියක් යතුරු පැදියක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර මෙම පුද්ගලයින් දෙදෙනා බන්ධනාගාර ගතව සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බවද මූලික පොලීස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් දෙදෙනාගෙන තුවාල ලැබූ අය හික්කඩුවේ පදිංච් විසිපස් හැවිරිදි තරුණයෙකු වන අතර අනෙක් පුද්ගලයා තිස් හැවිරිදි බද්දේගම පදිංචි කරුවෙකි.
