හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවීම, හවුලේ පතල් හැරීම , කැළෑව එළි පෙහෙළි කිරීම හා පරිසර පද්ධතියට හානි කිරීම යන චෝදනාවන් සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් හතර දෙනෙකු හට එක් අයෙකුට රුපියල් අසුදහස බැගින් රුපියල් තුන්ලක්ෂ විසි දහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (18) නියෝග කළේය.
මීට අමතරව බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කොට එය වසර පහකට අත්හිටුවීමටද මහේස්ත්‍රාත්වරයා මෙහෙදී නියෝග කරන ලදි.
මෙලෙස දඩ නියමවුයේ බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් හතර දෙනකු හටය.
මෙහිදි වනෝද්‍යානයේ නිලධාරීන් විසින් සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබු අතර, ඉන් සැකකරුවන් දෙදෙනෙකු අධිකරණයට නොපැමිණීම නිසා ඔවුන් දෙදෙනාට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමටත් මහේස්ත්‍රාත්වරයා මෙහෙදී නියෝග කළේය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතා හා වනසත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ යන මහත්වරුන් විසින් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලදි.
ශාන් හුලංනුගේ
