රට නව මාවතකට ගෙන යාම සඳහා ‘මාලිමාව’ ලකුණ යටතේ තරග කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
හැත්තෑ එක් වසරක පාලනය රට විනාශකාරී තැනකට ගෙන යමින් තිබෙන බවත්, එහෙත් මාලිමාවට ඡන්දය ලබාදී නොවැම්බර් 16 වැනි දින නව පාලනයකට රට භාරදීමට ජනතාවට අවස්ථාව උදාවී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
නව පාලනයක් ගොඩනගා ගැනීමට උදාවී තිබෙන මෙම අවස්ථාවෙන් උපරිම ප්රයෝජනය ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවද නාම යෝජනා භාරදීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා අද (07දා) ජනතාව අමතා සඳහන් කළේය.
