අනතුරට ලක්වු කැස්බෑවෙකු නාවික හමුදාවෙන් බේරාගැනේ
නාවික හමුදාව විසින් ඊයේ ( 23) උදැසන කන්කසන්තුරේ වරාය ආසන්නයේ වෙරළ තීරයේ තුවාල ලබා සිටි කැස්බෑවෙකු බේරා ගෙන ඇත.
මුහුදේදි තුවාල ලබා සැඩ රළ පහරට හසුව කන්කසන්තුරය වෙරළ තීරයට පැමිණ සිටි හොඳින් වැඩුනු කැස්බෑවෙකු ඊයේ දින උතුරු නාවික විධානයේ නාවිකයින් විසින් බේරා ගැනීමට කටයුතු කර ඇත.
එම කැස්බෑවාගේ වරල් තුනක් ශරීරයෙන් වෙන්ව යන ලෙසට තියුණු ආයධයකින් කැපී ඇති බවට නිරීක්ෂණය විය. ඒ අනුව, කැස්බෑවා ගොඩබිමට රැගෙනවිත් කඩිනම් ප්රතිකාර සඳහා යාපනය, වනජීවි දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කරන ලදි.
තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත ක්රියාත්මක ‘නීල හරිත සංග්රාමය’ යටතේ ශ්රී ලංකා නාවික හමුදාව කැස්බෑ සංරක්ෂණය සඳහා ද විශාල දායකත්වයක් දක්වනු ලබන අතර, වඳවි යන සතුන් කොට්ඨාසයක් වශයෙන් හඳුනාගෙන ඇති මෙම කැස්බෑවන් ආරක්ෂා කිරීම සදහා නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

