අධිවේගී මාර්ග ඉදි කිරීමේදී ඉවත් කළ වනාන්තර නැවත නිර්මාණය කිරීම සඳහා අධිවේගී මාර්ග දෙපස වනාන්තර ඇති කිරීමට සැලසුම් කර ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ අංශයේ අධ්යක්ෂක එස්.ඕපනායක මහතා සඳහන් කළේය.
මාර්ග සංවර්ධන අධිකාරිය විවිධ ආයතන සමග සම්බන්ධ වී සිටින බවත් මේ අනුව ශ්රී ලංකා යුද හමුදාව සමග එක්ව විශාල වැඩසටහනක් ක්රියාත්මක කරන බවත් ඔහු පවසා සිටියේය.
මෙහිදී සිදුවූ පරිසර හානිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට හා රියදුරන්ට විවිධත්වයක් ඇති කිරීම සඳහා විවිධ වර්ණවලින් යුත් ශාක රෝපණය කරන බවද අධ්යක්ෂවරයා සඳහන් කළේය.
අධිවේගී මාර්ගය දෙපස දිගටම මෙම ශාක රෝපණය කරන බවත්, මේ හරහා පරිසරයට සිදුවූ හානිය නැවත පුනරුත්ථාපනය කිරීමට හැකියාව ලැබෙන බවත් හෙතෙම පවසා සිටියේය.