හෙට දිනයේදී වැඩවර්ජන දියත් කිරීමට සැලසුම් කර තිබෙන අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (03දා) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එය අසාර්ථක වූ බව වෘත්තිය සමිති සඳහන් කරයි.
ඒ අනුව විදුහල්පති සේවයට, ගුරු අධ්‍යාපනඥ සේවයට, අධ්‍යාපන පරිපාලන සේවයට දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට සිදුකර තිබෙන සැලසුම් අවලංගු කරන ලෙස ඉල්ලා පාසල්, කොට්ඨාස කාර්යාල කලාප කාර්යාල ඇතුළු පරිපාලන සේවා නිලධාරීන් සේවය කරන ස්ථානවල සහ ගුරු විද්‍යාල, ගුරු මධ්‍යස්ථාන තුළ හෙට (04) දිනයේ සැලසුම් කර තිබූ එක්දින වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවද ඔවුන් වැඩිදුරටත් පවසයි.
