කැනඩාවේ අධ්‍යාපනය කටයුතු සඳහා යොමුකරන බව සඳහන් කරමින් ව්‍යාජ ලේඛණ සකස්කර රුපියල් 1536000ක මුදලක් වංචා කිරීම හා ආධාර අනුබල දිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවුරුදු 22ක තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලද තොරතුරක් මත කරනු ලැබූ විමර්ශනයකින් අනතුරුව ඊයේ සවස මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකාරිය අඟුලාන ප්‍ර දේශයේ පදිංචිකාරියක් වන අතර ඇය අද දිනයේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.