අධිවේගී මාර්ගවල ඇස්තමේන්තුවට වඩා මිල ගණන් වැඩි වෙලා
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු සහ දෙවැනි කොටස් වල කොන්ත්‍රාත් සමාගම් සමග අත්සන් කළ ගිවිසුම්වල සඳහන්ව ඇති මිලගණන් ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා රැපියල් බිලියන 38.2 ක් වැඩිවී ඇති බව කොප් කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.
මධ්‍යම අධිවේගීයේ පළමු කොටසේ වියදම ලෙස රැපියල් බිලියන 129 ක් ඉංජිනේරු ඇස්තමේන්තුවේ සඳන් කර ඇති අතර කොන්ත්‍රාත්කරුවන් සමග ඇතිකරගත් ගිවිසුමේ එම මුදල රැපියල් බිලියන 158 දක්වා වැඩිකර ඇති බව වාර්තාවේ සඳහන් කර තිබේ.
දෙවන අදියරේ වියදම ලෙස රැපියල් බිලියන 126.89 ක මුදලක් ඉංජිනේරු ඇස්තමේන්තුවේ සඳහන් කර ඇති අතර කොන්ත්රාත්කරැවන්ගේ ගිවිසුමේ සඳහන්ව ඇත්තේ බිලියන 138.1 ලෙසය.
මේ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් කර වාර්තාවක් සපයන ලෙස විගණාධිපතිට 2017 වසරේ දන්වා ඇතත් එම වාර්තාව 2018 මාර්තු 31 දා වනතුරුවත් එවැනි වාර්තාවක් ලැබී නොමැති බව කොප් වාර්තාවේ සඳහන් කර තිබේ.
එමෙන්ම දක්ෂිණ අධිවේගි මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා දිර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ වියදමද 40% කින් වැඩිකර ඇති බවද කෝප් වාර්තාව මගින් අණාවරය කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

