අධික වටිනාකමින් යුත් විදේශීය මත්පැන් බෝතල් සමග අයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ හැටකට අධික වටිනාකමින් යුත් විදේශීය මත්පැන් බෝතල් තොගයක් නීතිවිරෝධී ආකාරයෙන් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු පෙරේදා (22දා) රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය පවසයි.
තීරු බදු රහිතව මේ රටට ගෙන්වන ලද විවිධ වර්ගයේ මත්පැන් අත්තිඩිය හතරවැනි පටුමගේ දෙමහල් නිවසක හොර රහසේ ගබඩා කර ඇණවුම් අනුව බෙදා හරින බවට එම ඒකකයට ලද රහසිගත තොරතුරකට කළ වැටලීමකදී සැකකරු හා අදාළ මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට නිවෙස් හිමිකරු නිරතුරුවම කටුනායක ගුවන්තොටුපොළ යන එන රියැදුරෙකු බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. අත්අඩංගුවට පත් සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට ගල්කිස්ස පොලීසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.එස්.ධර්මප්‍රිය මහතාගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක ඒ.එම්.ටී. කුමාර කේ.පී.පී.එස්. කරුණාරත්න මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් විසින් වැටලීම සිදු කර තිබිණි.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

