බස්නාහිර සහ නැගෙනහිර පළාත් ආවරණය වන ලෙස අද (08) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය තීරණය කර තිබේ.
ලබන 13 වැනිදා දක්වා එම වැඩසටහන තෝරාගත් ඩෙංගු අධි අවදානම් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59කදී ක්‍රියාත්මක කරන බව එම ඒකකය සඳහන් කර සිටියි.