ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය නිපදවීම වෙනුවෙන් අවශ්‍ය ඩීසල් තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාදීම හේතුවෙන් අද දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.
ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත් මේ වන විට පවතින අධික විදුලි ඉල්ලුම හමුවේ විදුලිය අරපිිරිමැස්මෙන් භාවිත කරන ලෙසද විදුි බල මණ්ඩලය පවසයි.
විදුලිය නිපදවීම වෙනුවෙන් අවශ්‍ය ඩීසල් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍ර දේශවලට වරින් වර විදුලිය කප්පාදුවක් සිදුවිය.