අද රටේ වැහි නැති හෙණ ගහනවා
කුඩුවල ගෝඩ් ෆාදර්ලා වී සිටියේ වර්තමානයේ සුදු පිරුවට ඇඳගෙන කතාකරන දේශපාලඥයන් බවත්, එම ජාවාරම් පැවැතියේ ඔවුන් අතේ වන අතර, පාතාලයේ නම් කියවෙන පිරිස කරළියට ගෙනාවේ එම දේශපාලඥයන් බවත් රාජ්‍ය පරිපාලන හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ අද (15දා) මොනරාගල දිස්ත්‍රික්කයේ ගම්පෙරළිය වැඩසටහනේ සමාරම්භක උත්සවය පැවැති වැල්ලවාය, රන්දෙණිය, මීදෙණිය පාලමේ වැඩ ඇරඹීමේ අස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
“අද කුඩු ගැන කතා කරනවා. මටයි ඒක පාලනය කරන්න දීලා තියෙන්නේ. පාතාලය ගැන කතා කරනවා. ලංකාවේ වැඩිම කුඩු ටික දැන් සති දෙකකට කලින් ඇල්ලුවා. එහි වටිනාකම ගත්තොත් ලක්ෂවලින් ලක්ෂ දෙලොස්දහස් පන්සීයක්. පසුගිය කාලේ මේ කුඩුවල ගෝඩ් ෆාදර්ලා වෙලා තිබුණේ ඔය කතාකරන උදවිය. දැන් නිකං සුදු පිරුවට ඇඳගෙන කතා කරනවා. අපි දන්නවා එදා දේශපාලයෝ අතේ තමයි ව්‍යපාර තිබුණේ. අද ඔය පාතාලයේ නම් කියන කට්ටිය කරළියට ගෙනාවෙ ඔය කියන දේශපාලඥයෝ. අද කුඩු මිල තුන්ගුණයකින් වැඩි වෙලා කියලා අගමැතිතුමත් ඊයේ කිව්වා. ඒ ඇයි අද ඒවා අල්ලන නිසා. ඒ කාලේ ඇල්ලුවේ නෑ.
පහුගිය කාලේ මාධ්‍යෙවේදීන් 15කට වැඩිය මැරුවා. රජයට කවුද විරුද්ධව කතා කරන්නේ අල්ලලා ගහනවා. නිදහස සාධාරණය තිබ්බේ නෑ. අද නිදහස් සාධාරණ වාතාවරණය යමක් කෙරුනම හරියට වැහි නැති වෙලාවට හෙණ ගහනවා වගේ නේද. වැස්සට හෙණ ගැහුවට ගානක් නෑනේ .පහුගිය කාලේ අපරාධ වැස්සක් .අපි එහෙම නොවෙයි ඒවත් මැඬපවත්වා ගත්තා. සංවර්ධනයට රටේ නීතිය හා සාමය තියෙන්න ඕනේ. අද කවුරුවත් අහිංසක මිනිස්සු මරාගන්නේ නෑ. මේ දේවල්වලට සම්බන්ධ උදවියයි මරාගන්නේ.

වැල්ලවාය - අයි. ආර්. ඉන්දික
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

