අද ජාතික පුවත්පතට තවත් ජාත්‍යන්තර සම්මානයක්
සිංගප්පූරුවේදී පැවති ‘ආසියානු අලෙවිකරණ කාර්යසාධනය හා මූලෝපාය (AME) සම්මාන 2104’ උලෙළේදී අද ජාතික පුවත්පතට තවත් ජාත්‍යන්තර සම්මානයක් හිමි විය.
ලියෝ බර්නේට් ශ්‍රී ලංකා ආයතනය, විජය පුවත්පත් සමාගමේ ‘අද’ ජාතික පුවත්පත සමග එක්ව නිර්මාණය කළ ‘එක්සත්භාවයේ පුවත්පත’ (Unity Paper) වෙනුවෙන් ප්‍රකාශන හා මාධ්‍ය කාර්යසාධන අංශයේ රිදී සම්මානය (Silver) මෙසේ හිමි වී ඇති අතර, එය එම අංශයෙන් ලැබිය හැකි සුවිශේෂී සම්මානයක් ලෙස සැලකෙයි.
ආසියා පැසිෆික් කලාපයේ ප්‍රමුඛතම අලෙවිකරණ මහෝත්සවයක් හා සම්මාන උලෙළක් වන AME සම්මාන උලෙළ විශිෂ්ට ප්‍රතිඵල සැපයූ අලෙවිකරණ මූලෝපායන් වෙනුවෙන් සම්මාන පිරිනමයි.
වසර 30ක යුද්ධයෙන් පීඩාවට පත් ජාතියක් සුවපත් කිරීමට පුවත්පතක් යොදා ගන්නේ කෙසේද යන්න ‘එක්සත්භාවයේ පුවත්පත’ (Unity Paper) ප්‍රකට කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

