කොළඹ නගරයේ කිලෝ වෝල්ට් 132 පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරිමේ කටයුක්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද විදුලිය අත්හිටුවන විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනය තුළ පැය 06ක කාලයක් විදුලිය අත්හිටුවනු ඇත.
පෙරවරු 09.00 සිට පස්වරු 03.00 දක්වා කොළඹ 03, 04, 05, 07 සහ 08 යන ප්‍රදේශ සඳහා අදාළ කාලසීමාව තුළ විදුලිය අත්හිටුවනු ඇත.
මීට අමතරව ලබන 31 වන දින දක්වා ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.