අද උදේ පාර්ලිමේන්තුවේ දුන්නේ පරණ මාලු -මරික්කාර්
අද උදෑසන පාර්ලිමේන්තුවේ තමාට ලබාදුන් ආහාර වේලේ මාළු නරක් වී තිබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය. එසේම පාර්ලිමේන්තුවේ ලබාදෙන ආහාර වේලට වඩා ගෙදර ලබාදෙන ආහාර වේල හොඳ බවත් ඔහු ප්‍රකාශ කළේය.
මන්ත්‍රී එස්.එම්. මරික්කාර් - ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩ මුළුවේදී කියලා තියෙනවා මන්ත්‍රිවරයෙකුගේ කෑම වේලට රුපියල් 3000ක් යනවා කියලා.
මින්ස්සු අහනවා රත්තරන්ද ගිලින්නේ කියලා. සෑම දෙනාගේම වියදම මන්ත්‍රීවරු ගාණෙන් බෙදලා මේ ගාන කියන්නේ. මම අද උදේ කාපු කෑම වේලේ මාළු කුනු වෙලා තිබුණේ.
ගෙදර කෑම එක මීට වඩා හොඳයි. මේ ගැන ඇත්ත කියන්න.
කථානායක මහින්ද යාපා අබේවර්ධන - මේ ගැන මම ඊයේ ප්‍රකාශයක් කළා.
popular news
-
sudarma Samarajeewa Friday, 28 August 2020 04:04 AM
THOPILATA DENNA ONA KUNU MALU. APE SALLI KANA HETTA
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

