අදත් මිලි මීටර් 200ක් දක්වා වැසි
ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210km ක් ගිනිකොණ දෙසින් කේන්ද්‍රගතව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වාතවදුරටත් තීව්ර වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව එම දෙපාර්තමේන්තුව කියයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පීළිබ අවධානය යොමුකරන ලෙසද එම දෙපාර්තමේන්තුව පවසයි.
අද දින දිවයිනේ බොහෝ ප්‍ර දේශවල අහස වලාකුළින් බරව පවතින් අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව කියයි. උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මි.මී.200 ට වැඩි හා උතුරු, මධ්‍යම, සබරගමුව,
ඌව හා බස්නාහි පළාත්වලත් ගාල්ල, මාතර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි
ඇති විය හැකි යැයි ඒම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍ර දේශවල වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති වියහැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට විටින් විට හමන පැ.කි.මී. (60-70) ක පමණ ඉතා තද සුළං ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපා්ර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

