
2020 වර්ෂෙය් ඉදිරි මාස 04 සදහා වන අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ඊයේ (26) ලබා දුන් බව කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා සඳහන් කරයි
ඒ අනුව අද (27) සහ හෙට (28) රජයේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තු වේ විවාදයට ගැනිමට නියමිතව ඇත.
පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විමට නියමිත අතර එහිදී රුපියල් බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරිමට අනුමැතිය ඉල්ලා රජය විසින් ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය ආරම්භ වනු ඇත.
පූර්ණ යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වේ ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමට මේ වන විටත් කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.