අතුරුදහන් වුවන් පිළිබඳ අයදුම්පත් 14,000ක් අතුරුදහන් වුවන්ගේ කාර්යාලයට
අතුරුදහන් වුවන් පිළිබඳ අයදුම්පත් 14 ,000 ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයට යොමුකර ඇති බව පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබද අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අද (02දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජිනිවා යෝජනාවන් සඳහා ජනාධිපතිවරයා අකමැතිනම් අතුරැදහන් වුවන් පිළිබඳ කාර්යාලය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසිය.
ළග එන ඡන්දය බලාගෙන විවිධ කතා පැවසිම වෙනුවට සැබැ තත්ත්වය වෙනුවෙන් පෙනිසිටීම අවශ්‍ය බවද පැවසු හර්ෂ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
අතුරුදහන්වු තැනැත්තන්ගේ කාර්යාලය ස්ථාපිත කළේ ඇයි කියන කාරණය අපි බලන්න අවශ්‍යයි. ජනාධිපතිතුමා කියන විදිහට ජීනිවා යෝජනාවෙන් කළේ රටට හොද දෙයක් නෙවෙයිනම් මේ අතුරැදහන් වු තැනැත්තන්ගේ කාර්යාලය වහන්න ඕන. ජිනිවා යෝජනාවට එකඟවුණේ ජනාධිපතිතුමාගේ අනුමැතියකින් නොවෙයිනම් ජනාධිපතිතුමාට පුළුවන් මේ අතුරුදහන් වුවන්ගේ කාර්යාලය වහලදාන්න යැයි" ඔහු පැවසිය.

popular news
-
Champa Wednesday, 03 April 2019 09:23 AM
අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටෙව්වේ 2015 රට පාවා දීපු ජිනීවා ගිවිසුමේ තිබ්බ එක පොරොන්දුවක් විදිහට. ඒකේ මුල ඉඳලම පිලි අරන් තිබුන හමුදාව යුධ අපරාධ කළා කියල. හමුදාව සිවිල් වැසියන් ඝාතනය කළා කියල කිව්වොත් ඔප්පු කරන්න වෙන හින්ද හමුදාව සිව්ල් වැසියන්ව අතුරුදහන් කළා කියලා කියනවා. ඒකට තමයි ඕක පිහිටෙව්වේ. දැන් අතුරුදහන් වූවන්ගේ අයදුම්පත් 14,000ක් කියන්නේ හමුදාව ඒ මිනිස්සු අතුරුදහන් කළා කියලා ලෝකෙට පෙන්නන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

