අතුරුදන්ව සිටි අටහැවිරිදි දැරිය සොයා ගනී
නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ගම්මානයේ අතුරුදන්ව සිටි අවුරුදු 8ක් වයසැති දැරිවියක් අද (14දා) ඇය ඉගෙනුම ලබන නෝටන්බි්රජ් විදුලිපුර මහා විද්‍යාලයේ සිටියදී සොයාගෙන තිබේ.
විදුලිපුර සිංහල මහා විද්‍යාලයේ 2 වසරේ ඉගෙනුම ලබමින් සිටි දීපා චාන්දනී එදිරිසිංහ නැමති මෙම දැරිය ඊයේ (13දා) දහවල් සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ ඥාතීන් විසින් නෝටන්බි්රජ් පොලීසියට පැමිණිලි කරන ලදී.
ඒ අනුව ක්‍රියාත්මක වූ නෝටන්බි්රජ් පොලීසිය අවට පොලිස් ස්ථානවල සහ යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත ඇය ඉගෙන ගන්නා නෝටන්බි්රජ් විදුලිපුර මහා විද්‍යාලයේ සැඟව සිටියදී අද උදෑසන අතුරුදන්ව සිටි දැරිය සොයාගනු ලැබීය.
මව්පියන් හැර ගොස් ඇති එම දැරියව හදාවඩාගෙන ඇත්තේ ඇයගේ නැන්දා කෙනෙකු විසින් වන අතර ඇය විසින් දැරියට කරනු ලැබූ තරවටු කිරීමක් හේතුවෙන් නිවසින් පලාගොස් පාසලේ සැඟවී සිට ඇති බවට නෝටන්බි්රජ් පොලීසිය සැක පහළ කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

