වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනියුක්තව සේවය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරී මහතෙකු අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිද සහ දරුවන් පවසනවා.
එන් ඩී ප්‍රේමසිරි නෙළුම්දෙණිය නමැති මෙම නිලධාරියා පසුගිය 26 වනදා සිට අතුරුදන්ව ඇති බවයි පවුලේ ඥාතීන් සදහන් කළේ.
සේවය නිමකර නිවසට පැමිණ සවස්වරුවේ වැලිමඩ නගරයට යම් කටයුත්තක් සදහා එම පුද්ගලයා ගොස් ඇති අතර ආපසු නිවසට නොපැමිණි බව බිරිද සහ දරුවන් දෙදෙනා පවසනවා. වැලිමඩ නගරයේ දී කිසියම් පුද්ගලයින් දෙදෙනෙකු හමුවී කතාබවකර ඔවුන් සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරන ආකාරය සීසීටීවී කැමරාවල සටහන්ව ඇති බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.
මේ වනවිට වැලිමඩ පොලීසිය පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් 075 732 86 69 / 0714 959835 හෝ 071 300 94 57 දුරකතන අංකවලට දැනුම් දෙන ලෙසයි පවුලේ ඥාතීන් ඉල්ලා සිටින්නේ.