ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා
පසුගිය ආණ්ඩු සමයේදී හොරකම, වංචා දූෂණ කළ දේශපාලඥයන්ට, නිලධාරීන්ට ආරක්ෂාව ලබාදී අතීතය අමතක කර වැඩ කරමු යැයි වර්තමාන ආණ්ඩුව පවසන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
එහෙත් අතීතය අමතක කර ගමනක් නොමැති බවත්, අතීතය අමතක කළා නම් ජනවාරි 08 වැනි දින රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමට හැකියාවක් නොලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
දූෂණ විරෝධී හඬ සංවිධානය අද (23දා) සවස වංචාකරුවන්ට, දූෂිතයන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයට සහභාගී වෙමින් පක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
අතීතය අමතක කර ජනතා විමුක්ති පෙරමුණට ගමනක් නොමැති බවත්, මේ නිසා අතීතයේත් වර්තමානයේත් වැරදි කළ සියලුම දෙනාට දඬුවම් ලබාදිය යුතු බවත්, එය ඉටුකරන තෙක් අරගල කරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd