www.ada.lk
2026 සැප්තැම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා
පසුගිය ආණ්ඩු සමයේදී හොරකම, වංචා දූෂණ කළ දේශපාලඥයන්ට, නිලධාරීන්ට ආරක්ෂාව ලබාදී අතීතය අමතක කර වැඩ කරමු යැයි වර්තමාන ආණ්ඩුව පවසන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
එහෙත් අතීතය අමතක කර ගමනක් නොමැති බවත්, අතීතය අමතක කළා නම් ජනවාරි 08 වැනි දින රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමට හැකියාවක් නොලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
දූෂණ විරෝධී හඬ සංවිධානය අද (23දා) සවස වංචාකරුවන්ට, දූෂිතයන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයට සහභාගී වෙමින් පක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
අතීතය අමතක කර ජනතා විමුක්ති පෙරමුණට ගමනක් නොමැති බවත්, මේ නිසා අතීතයේත් වර්තමානයේත් වැරදි කළ සියලුම දෙනාට දඬුවම් ලබාදිය යුතු බවත්, එය ඉටුකරන තෙක් අරගල කරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd