අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ගණන් නියම කරමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
අත්‍යාවශ්‍ය ඖෂධ 60කට අයත් මාත්‍රා වර්ග 131ක මිල නියාමනය කර උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
අදාළ ඖෂධ කිසිවක් උපරිම සිල්ලර මිලට ඉහළින් අලෙවි කිරීම නීතිවිරෝධි කටයුත්තක් වන බවයි රාජ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.





