අත්‍යාවශ්‍යම පුනරාවර්තන වියදම් පමණක් දරන ලෙස භාණ්ඩාගාර ලේකම්ට උපදෙස්
අත්‍යාවශ්‍යම පුනරාවර්තන වියදම් පමණක් අක් මුදල්වලින් දැරීමට මහා භාණ්ඩාගාර ලේකම්ට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
"රටක ජාතික ආදායමෙන් සියයට 20ක්වත් රාජ්‍ය ආදායම ලෙස ලැබිය යුතුයි. කෙසේ නමුත් 2022 වසරේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.3යි.
1965 පෙර ශ්‍රී ලංකාවේ මෙම අගය සියයට 22ක්, 23ක්, 25ක් විතර අගයක තිබුණා. මේ අනුව රටක් පවත්වාගෙන යන්න බෑ. මේ තත්ත්වය යහපත් වෙන තෙක් මහජන සේවා පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍යෙයන්ම දැරිය යුතු පුනරාවර්තන වියදම් සඳහා පමණක් අක් මුදල් නිකුත් කරන්න භාණ්ඩාගාර ලේකම්ට උපදෙස් දුන්නා. එයට කැබිනට් අනුමැතිය ලැබුණා.
අත්‍යාවශ්‍යම වියදම් තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම, විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීම, ණය සේවාකරණය, සමෘද්ධිය ඇතුළු අනෙකුත් දීමනා ගෙවීම. මේ අත්‍යාවශ්‍ය පුනරාවර්තන වියදම් පමණක් අක්මුදල්වලින් දැරීමට භාණ්ඩාගාර ලේකම්ට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය ලැබුණා."
popular news
-
Dayan Tuesday, 07 February 2023 11:59 AM
That sounds so far they have spend unnecessary too.
Reply : 0 0
Kumar Wednesday, 08 February 2023 02:48 AM
oyagollange kathawa dolawen gamana payi. kapuwa deyakgana aptata kiyannako.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
