ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා ඛණිජ තෙල් සංස්ථාව සහ සීමාසහිත ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තය යන ආයතනවල සේවකයින්ට සිය සේවා හැදුනුම්පත භාවිත කරමින් සේවා ස්ථානවලට පැමිණීමට අවසර ලබාදී ඇති බව පොලීසිය නිවේදනය කරයි.
අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා එම ආයතනවල සේවකයන්ට සිය සේවා හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීම සඳහා ඉඩ ලබාදෙන ලෙසයි මේ වනවිටත් උපදෙස් දී ඇත.
