උත්සව සමයට අවශ්‍ය සියලු ආහාර ද්‍රව්‍ය අවම මිලක් යටතේ සතොස වෙළෙඳ සැල් මගින් ලබාගත හැකි බව අභ්‍යන්තර හා වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කෘත්‍රිම හිඟයක් මවා පා භාණ්ඩවල මිල ගණන් වැඩිකිරීමට ගනු ලබන උත්සාහයන් වැළැක්වීමට මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ. ජනතාවට අවශ්‍ය සියලුම ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබාදීමට සතොස අලෙවිසැල් 300 ක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පවසයි.