අත්අඩංගුවට පත් දිමුත් කරුණාරත්නට ඇප
බිමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ වරදට පොලිස් අත්අඩංගුවට පත් වූ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හැර ඇත.
බොරැල්ල, කිංන්සි හොර්ටන් පෙදෙසේ දී අද (31) අලුයම 5.15 පමණ සිදූ වූ මෙම රිය අනතුර සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
දිමුත් කරුණාරත්න පැදවු කාර් රථය ත්‍රිරෝද රථයක ගැටි ඇති අතර අනතුරෙන් එම ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණි.
කාර් රථයේ රියදුරු වූ දිමුත් කරුණාරත්න ඒ අවස්ථාවේ බීමත්ව සිට ඇති නිසා ඔහුව එම අවස්ථාවේදි පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනිම සිදු විය.

popular news
-
Champa Sunday, 31 March 2019 04:38 PM
ක්‍රීඩකයෝ මත්පැන් බොනවා කියන එක මට නම් අලුත් කතාවක්. සාමාන්‍යයෙන් නම් ක්‍රීඩකයෝ මත්පැන් දුම්බීම වගේ දේවල් කරන්නේ නැහැ සහ ක්‍රීඩාවෙන් ලැබුණු පන්නරය නිසා තමන්ගේ සෞඛ්‍ය ගැන හුගක් සැලකිලිමත් වෙන, ඉතාම විනය ගරුක පිරිසක් කියල තමයි මං නම් මුලින් හිතුවේ. හැබැයි මේක විතරක් නෙමෙයි මීට කලින් සමාජ ශාලා වල හෝටල් වල සහ ඊටත් බොහෝ කාලෙකට කලින් වෙනත් අපචාර වලට ක්‍රිකට් ක්‍රීඩකයෝ අහු වුනහම ක්‍රිකට් පාලකයෝ සල්ලි වීසි කරලා සුළු දඬුවම් දීල ඒවා වහල දැම්ම. දැන් අද ක්‍රීඩකයන්ගේ විනය පහලට වැටෙන්න ලොකුම හේතුව තමයි දඬුවම් නොදීම හෝ සරල දඬුවම් දීම්. ඒ හින්ද ක්‍රීඩකයෝ දන්නවා තමන් මොනවා කලත් ජාතික කණ්ඩායමෙන් හලන්නේ නැහැ කියල. ඒ හින්ද වැරදි කරන්න බය නැහැ.
Reply : 0 0
Nandana Monday, 01 April 2019 09:32 PM
මුන්ට ක්‍රිකට් ගහන්න බැරිඋනාට හොදට බීලා පාරේ සෙවල දාන්න පුළුවන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

