අත්අඩංගුවට ගත් ජේලර්වරයා 23 තෙක් රඳවා ප්‍රශ්න කිරිමට අවසර
හෙරෝයින් සමග අත්අඩංගුවට ගත් බන්ධනාගාර ජේලර්වරයා 23 දින දක්වා රදවා ප්‍රශ්න කිරිමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ආර්.එස් .මහ්ෆි මහත්මිය පුත්තලම පොලිසියට අවසර ලබා දිම සිදුවිය.
මෙසේ රදවා නියෝග කෙරුණේ කළුතර බන්ධනාගාරයේ දෙවන පෙළ ජේලර්වරයකු වන කොස්වත්තගේ ගයාන් පද්මසිරි කොස්වත්ත නැමති 33 හැවිරිදි අයෙකී.
අදාල සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පුත්තලම ඒකකයේ නිලධාරින් විසින් 18 දින රාත්‍රියේ පුත්තලම නගරයේදී දි අත්අඩංගුවට ගෙන තිබුනේ යතුරුපැදියකින් හෙරෝයින් ග්‍රෑම්ස් 40 මිලිග්රෑම්ස් 792ක් ප්‍රවාහනය කරමින් සිටියදී බව කියයි.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකාර බන්ධනාගාර ජේලර්වරයා පුත්තලම පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුනී.
එහිදි දිසා විනිසුරුවරිය පොලිසියට නියෝග කර තිබුනේ නැවත 23 දින අදාල සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදි මෙම සැකකරු භාවිතා කල දුරකථන වාර්ථාවක් හා මොහු රාජකාරි කල කළුතර බන්ධනාගාරයේ මෙම සැකකරුගේ කබඩ් කඩා නිසි පරික්ෂාවට ලක්කරන ලෙසත්ය .

popular news
-
Lelwala Tuesday, 20 October 2020 08:11 PM
Better to check their Previous history. They might be addicted for the drugs since the school.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

