අතලොස්සක් කරපු දෙයින් අපිව කොන් කරන්න එපා
අතලොස්සක් වූ මුස්ලිම් අන්තවාදී පිරිසක් සිදුකළ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාව කොන් නොකරන්නැයි හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
කොළඹදි පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. “සියලු මුස්ලිම් ජාතිකයන් මේ අයව විනාශ කරන්න ශක්තිය ලබාදේවි. මේඅය මුස්ලිම් ජාතිකයන් නෙමෙයි. මේ අය ත්රස්තවාදීන් මේ අයට ආගමක් ජාතියක් නෑ.
මුස්ලිම් ප්‍රජාවේ අතලොස්ස නිසා මුස්ලිම් ප්රජාය යම් යම් තැන්වල කොන්වෙලා තිබෙනවා. අපේ තිබෙන ආදරය බැඳීම ඈත් වෙලා තිබෙනවා.
ඒ ආදරය බැඳීම නැවත ලබාගන්න අපි කටයුතු කරනවා. මේ අතලොස්සක් කරපු දෙයින් අපේ සමාජය කොන් කරන්න එපා. ඒ වගේම අපේ මුස්ලිම් දේශපාලනයේ අඩුවක් වෙන්න පුළුවන්.
අපි හිතුවේ නෑ මේ වගේ දෙයක් වෙයි කියන එක ඒක තමයි අපි කරපු වැරැද්ද”

popular news
-
Champa Monday, 06 May 2019 05:35 PM
නෑ නෑ කොන් කරන්නේ නැහැ. අපි ඕගොල්ලන්ගේ නියම තැන දෙනවා. රටේ පුරවැසියන්ගෙන් සියයට 9 කට සියයට 75 ක පුරවැසියන් හා සමානව සලකන්න ගිහින් අපිට ලැබුනේ මරාගෙන මැරෙන බෝම්බ. ඊට කලිනුත් අපිට ඕකම වුන රටේ පුරවැසියන්ගෙන් සියයට 11 කට සියයට 75ක පුරවැසියන් හා සමානව සලකන්න ගිහින්. එකම වැරැද්ද නැවත වෙන්නේ නැහැ. ඊළඟ වතාවේ ඕගොල්ලන්ට හිමි තැන තියනවා. යන්කො චන්දෙට. යූඑන්පී කාරයන්ටත් ඒ ටිකමයි. එක සිංහල බෞද්ධයෙක්ට ආයේ යූඑන්පී එකට චන්දෙ දෙන්න ඉඩ තියන්න හොඳ නැහැ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

