අත්තනගල්ලට කර්මාන්තපුරයක්
අත්තනගල්ල හා වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටම අයත්ව පිහිටා ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් 'පෙතියකන්ද වත්ත' නැමති ඉඩමේ අක්කර 194ක භූමි භාගයක එකී කර්මාන්තපුරය, හරිත කර්මාන්තපුරයක් වශයෙන් ස්ථාපිත කිරීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අද (17) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පැවසීය.
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තපුර 32ක් මේ වන විට රට පුරා පවත්වාගෙන යන අතර, පෞද්ගලික ආයෝජකයින් විසින් රුපියල් මිලියන 36,500ක් පමණ එම කර්මාන්තපුරවල ආයෝජනය කර ඇත. මෙම කර්මාන්තපුරවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 4,517ක් පමණ වැය කර ඇති අතර, ඒවායේ ජනනය වී ඇති රැකියා අවස්ථා ගණන 18,600ක් පමණ වේ.
බස්නාහිර පළාත තුළ කර්මාන්ත ඇරඹීමට උනන්දුවක් දක්වන ආයෝජකයින් 150ක් පමණ සිය අයදුම්පත් ඉදිරිපත් කර ඇති නමුත්, එම පළාත තුළ පිහිටා ඇති කර්මාන්තපුර 08 තුළ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට නොහැකි වන බව පෙනී ගොස් ඇත. එබැවින්, ගම්පහ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක දෙකටම අයත් වන පරිදි අලුතින් කර්මාන්තපුරයක් ස්ථාපිත කිරීමටත්, එකී කර්මාන්තපුරය තුළ විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, ඇසුරුම් කරන ද්‍රව්‍ය, අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදන, රබර් හා ප්ලාස්ටික් ආශ්රිත නිෂ්පාදන, ඇඟළුම් හා ආශ්රිත නිෂ්පාදන සහ ඖෂධ හා ආශ්රිත නිෂ්පාදන නිපදවීම හා එකලස් කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දීමටත්, ප්‍රතිචක්‍රීකරණය සහ පර්යේෂණ සංවර්ධන කටයුතු සඳහා යෝජිත කර්මාන්තපුරයෙන් ඉඩකඩ වෙන් කර දීමටත් සැලසුම් කර ඇත.

popular news
-
Kumar Thursday, 17 September 2020 09:57 PM
As far as I know this "Pethiya Kanda" has nothing to support any industry. There is very nice road to access property. In the past it was a coconut plantation on a hill then there were pineapple grown by somebody. Government will have to bring water and power before anything could happen. This could be just hot air air coming out of somebody's mouth.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

