අත්අඩංගුවට ගැනීමේදි සියලුදෙනාට සමානව සලකන්න
අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසත්, කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දි තිබේ.
කුමන හේතුවක් නිසා හෝ බාහිර අරමුණු මුල්කොටගෙන කවරෙකු හෝ අත්අඩංගුවට නොගත යුතු බවත් එතුමා අවධාරණය කළේය.
කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම කළ යුත්තේ අදාළ වගකීම ඉටුකරන නිලධාරීන්ගේ වෘත්තීය විනිශ්චය අනුවය. එකී කාර්ය ස්වාධීනව සහ කිසිදු බිය ගැන්විමකින් හෝ අනුග්‍රහයකින් හෝ තොරව සිදුවන බවට සහතික කරගතයුතු යැයි ද වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතාට උපදෙස් දී තිබේ.
“අත්අඩංගුවට ගැනීම දඬුවමේ කොටසක් නොවේ . අත්අඩංගුවට ගනු ලැබීම පුද්ගලකීර්තියට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් කරන ක්‍රියාවකි. එබැවින් පොලීසිය ඉතා සුපරීක්ෂාකාරීව හා නීතියට අනුකූලවම ක්‍රියා කළ යුතුය” යනුවෙන් ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දී තිබේ.
පාර්ලිමේන්තුමන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයන් සහ වෛද්‍යවරු වැනි වෘත්තිකයන් අත්අඩංගුවට ගැනිමේදී පොලිස් නිලධාරීන් ඔවුන්ට නිසි ගෞරවයෙන් යුතුව කටයුතු කළ යුතුය. දූරදර්ශීව රාජකාරී ඉටුකරන ලෙසත් අවශ්‍ය අවස්ථාවල නීතිපති උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත.

popular news
-
Devinda Uduwara Friday, 24 January 2020 10:42 PM
Wachana pamanai:kriyawa sethi ekai ape ratata welandhi ethi maadya rogaya.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

