අඩු ආදායම්ලාභී සහ නිපුණතා රහිත ශ්‍රමිකයින්ට රැකියා ලක්ෂයක්
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බහුකාර්ය සංවර්ධන කාර්යසාධන බලකාය සඳහා අඩුආදායම්ලාභී සහ නිපුණතාවයක් රහිත අය වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබාදිමේ වැඩසටහනේ සැලසුම් මේ වනවිට අවසන් අදියරේ පවති.
ඒ අනුව ජනවාරි 20 වන දිනට පෙර අදාළ බඳවා ගැනිමේ ක්‍රමවේදය සහ ඒ සඳහා වූ අයදුම්පත් ප්‍රසිද්ධ කිරීමට නියමිතය.
ඉතාමත් දිළිඳු මට්ටමින් පසුවන සමෘද්ධිලාභී පවුල්වල සාමාජිකයන් සහ සුදුසුකම් ලබන එහෙත් සමෘද්ධි සහනාධාරය නොලබන පවුල් නඟා සිටුවීම බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායේ අරමුණ වේ.
එවැනි පවුල්වල ශ්‍රම බලකායට දායක විය හැකි පිරිස හඳුනා ගෙන සුදුසු ක්ෂේත්රයන්හි මාස 06 ක පුහුණුවකින් පසු ස්ථීර රැකියා අවස්ථා ලබාදේ. පදිංචි ප්‍රදේශයේම රැකියා අවස්ථාවක නියුක්ත කිරීම විශේෂත්වයකි.
කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නුපුහුණු පිරිස් මේ සඳහා තෝරා ගැනේ. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රථම අදියර යටතේ රැකියා අවස්ථා ලක්ෂයක් සම්පාදනය කෙරේ. ඔවුන් මෙහෙයවීමේ හා කළමනාකරණය සඳහා උපාධිධාරින් සහ උසස් අධ්‍යාපනය ලැබූවන්ට ද රැකියා අවස්ථා උදා වේ.
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම 300ත් 350ත් අතර පිරිසක් මේ යටතේ බඳවා ගැනේ. විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ, අනෙකුත් ආගමික පූජක උතුමෙකු, දිස්ත්‍රික් ලේකම්, ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ සුදුසුකම්ලාභීන් තෝරා ගැනේ. තෝරාගැනීමේ නිවැරදිතාව තවදුරටත් තහවුරු කර ගැනීමට ආරක්ෂක අංශවල නිපුණතාවක් සහිත පිරිසක් යෙදවීමට ද තීරණය කර තිබේ.
සුදුසුකම්ලාභීන් පාසල්,රෝහල් සහ රාජ්‍ය ආයතනවල අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය නොවන රැකියා සඳහා අනුයුක්ත කෙරේ. වඩු,පෙදරේරු,කෘෂි,ධීවර,වන සංරක්ෂන වැනි ක්ෂේත්‍ර සඳහා සහ ඒ ඒ පළාත්වලට අවැසි වන පරිදි පුහුණුවීම් කොට සේවයේ පිහිටුවිමට ද පියවර ගැනේ. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂණය යටතේ බඳවා ගැනීම් සහ පුහුණුවීම් සිදු කෙරේ.

popular news
-
samson de silva Thursday, 16 January 2020 08:31 AM
හාමුදුරුවරු, අන්‍ය ආගමික පූජකයින්, රැකියා විරහිත උපාධිදාරීන්, හමුදා සේවකයින් එකට එක්කාසු කල රැකියා සඳහා පුද්ගලයින් තේරීමේ කමිටුවක්! හොඳට තියේවි. ඔහොම යන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

