අඩු විදුලි පරිභෝජනයක් සිදු කරන විදුලි පාරිභෝගිකයන්ට LED (ආලෝක විමෝචන ඩයෝව) විදුලි පහන් සහන මිලට සැපයීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
සහන ණය ක්‍රමයක් යටතේ LED බල්බ මෙසේ බෙදා හැරීමට සැලසුම් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය සඳහා LED බල්බ ලක්ෂ 10 බැගින් වූ තොග 10ක්, එක් තොගයක් රුපියල් මිලියන 169.6ක මුදලකට ලබාදීමට වියට්නාමයේ ‘M/s. Rang Dong Light Source and Vacuum Flask’ සමාගමට පැවැරීමටද කැබිනට අනුමැතිය ලැබී තිබේ.
