ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් අද (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුනි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති බැවින් ඊට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගකිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නීතිපතිවරයා එහිදී මූලික විරෝධතා මතු කළේය.
අදාළ පත්කිරීම අභියෝගයට ලක් කරමින් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් එම පෙත්සම ගොනුකර ඇත.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවා තිබුණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම තුළ අසත්‍ය සහ නොමග යවන සුළු තොරතුරු රැසක් ඇතුළත් කර ඇතැයි චෝදනා කළේය.
අනතුරුව පෙත්සම ලබන 12 වනදා යළි කැඳවීමට නියම කළ අධිකරණය එදිනට පෙර ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියෝග කෙරිණි.