
අද (21දා) සිදුවූ සිදුවීම පිළිකුළෙන් යුතුව හෙළා දකින බවද කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් අවධාරණය කළහ.
සිදුවීම සම්බන්ධයෙන් ජනතාවට බලවත් කණගාටුව ප්රකාශ කරන බවත්, තුවාල ලැබූ හා මිය ගිය පිරිස්වල පවුල් වෙත ශෝකය පළ කරන බවද පවසා සිටියහ.
මෙවැනි වැඩ කටයුතු කිරීම තුළින් අහිංසක ජනතාවගේ ජීවිත නැති කිරීම වසර 10කට පෙර අවසන් වූ බවට සිතුවත්, එවැනි තත්ත්වයක් නැවත ඇතිවීමට එරෙහිව විරෝධය පළකර පිළිකුල් සහගතව ප්රකාශ කරන බවද කියා සිටියහ.