අගමැති චීනයෙන් ඔක්සිජන් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තාවීම වේගවත් වීමත් සමගින් ඔවුන්ගේ භාවිතය සඳහා අවශ්‍ය ඔක්සිජන් හා වෙන්ටිලේටර්ස් යන්ත්‍ර චීනයෙන් ප්‍රදානයක් ලෙස ලබාගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ තානාපතිවෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම කර තිබේ.
ඒ අනුව ඔක්සිජන් සාන්ද්‍රක, ඔක්සිජන් සිලින්ඩර, වෙන්ටිලේටර්ස් යන්ත්‍ර මේ අනුව ඉල්ලීම් කර ඇති බව චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක පැවැසීය.

එසේම මෙම ඉල්ලීම් හැකි ඉක්මනින් සම්පූර්ණ කිරීම සඳහා කටයුතු කරන බවද තානාපති කාර්යාලයේ ප්‍රකාශක පැවැසීය.
චීන රජය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමට ප්‍රධාන තැනක් ලබාදෙමින් කටයුතු කරන බවත් මේ වන විට ලෝකයේ රටවල් බහුතරයක් චීනයෙන් වෛද්යඋපකරණ ලබාගැනීම වෙනුවෙන් ඉල්ලීම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
ඩේලිමිරර් ඇසුරෙනි
popular news
- 
                            
rocky Monday, 10 May 2021 03:13 PM
mokatada mathi thumo anungen illanne? ape ara korona visesagna Elian wayittuwaage kalagedi deka thunak gangaa walata atha ariyaa nam wade klos ne!!
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                