අගමැතිට එරෙහි විශ්වාස භංගයට අත්සන් 60ක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනඒමට නියමිත විශ්වාස භංග යෝජනාව සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 60කට වැඩි පිරිසක් ඊයේ (21දා) අත්සන් තබා තිබිණි.
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගත හැකි වුවහොත් අද (22දා) දිනයේදී එය කථානායක චමල් රාජපක්ෂ මහතාට බාරදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
එසේ නොවුණහොත් මේ සතිය ඇතුළතදී එය ලබාදෙන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය. විශ්වාස භංග යෝජනාවක් බාරදෙන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ අත්සන් අවශ්‍ය නොවුණද අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙනඑන මෙම විශ්වාස භංග යෝජනාව සඳහා පහසුවෙන්ම බහුතරයකගේ අත්සන් ලබාගත හැකි වාතාවරණයක් තිබෙන බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ විශ්වාස භංගයට අත්සන් යෙදූ බවද හෙතෙම කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
