ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා
ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (9දා) දින එරට සිද්ධස්ථාන කිහිපයක් වැඳ පුදා ගැනීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා වරනාසී සහ සාරානාත් ප්‍රදේශවල සිද්ධස්ථාන වැඳපුදා ගැනීමටත්, සාරානාත්හි කෞතුකාගාරය සහ ඉසිපතන මිගදාය පුරාවිද්‍යා භූමියේ සංචාරයක නිරත වීමටත් නියමිත බවය.
මෙම සංචාරය තුළදී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08දා) දිනයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමුනියම් ජයශංකර් යන මහත්වරුන් සමග සාකච්ඡා පැවැත්විය.
එහිදී ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවත්නා දීර්ඝ කාලීන සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳවත් ආරක්ෂක, සංස්කෘතික, දේශපාලනික, සංචාරක ක්ෂේත්රවල සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳවත් අවධානය යොමු කෙරුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
මීට අමතරව මෙම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරයා ඉන්දීය කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන මන්මෝහන් සිං, රාහුල් ගාන්ධි ඇතුළු පිරිසක් සමගද සාකච්ඡාවක නිරත වී ඇති අතර, දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීමේ ඵලදායී සාකච්ඡාවක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සමග පැවැත්වූ බව රාහුල් ගාන්ධි මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණි.
popular news
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
කහකෝනා මල් පිපිලා වතුකරයම සිරියාවයි
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරු කරයි
නොරොච්චෝලේ අළු වලින් හැදූ පුත්තම අධිකරණය
මොරගහකන්දෙන් දෙවැනි දිනටත් දහසකට ආසන්න ජිව පතොරම් හමුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd