අගමැති කුමන්ත්‍රණයක් කළේ නෑ
සීමා නිර්ණය කිරීමේ වාර්තාවේ අඩුපාඩු රැසක් පවතින බවත් එය සංශෝධනය කොට සියළු පක්ෂයන්හි එකඟතාව සඳහා නැවත ඉදිරිපත් කළ යුතුව ඇති බවත් සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
එසේම වාර්තාව පැරදවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කිසිඳු කුමන්ත්‍රණයක් සිදු නොවූ බවත් වාර්තාව පැරදවීම සඳහා කටයුතු කරන ලද්දේ සියළු දෙනාගේම සාකච්ඡාවකින් පසු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අනුරාධපුර, පලාගල, සෝමාදේවි උදා ගම්මානය ජනතා අයිතියට පත්කි රීම නිමිත්තෙන් පැවති උත්සව අවස්ථාව අමතමින්අ මාත්‍යවරයා මේ බව පැවසීය.

popular news
-
Champa Tuesday, 28 August 2018 04:35 PM
කැහැනොගහ ඉන්න නිකම් වැඩක් බලාගෙන. ඕක පරද්දපු එකට මට නම් හරිම සතුටුයි. ඔය අලුත් සීමා නිර්ණය වාර්තාව තනිකරම ජාතිවාදියි. උතුරට අයිති වෙලා තිබ්බ ගම්මාන අනුරාධපුරයට ඈඳල තිබුන. ඊලඟට මැතිවරණ කොට්ඨාශ ඉතා කුඩා කොටස් වලට කඩල තිබුන. වතුකරේ බෙදිල්ලත් තනිකරම ජාතිවාදියි. සිංහලයන් හරි හරියට හිටපු පළාත් වෙන් කරලා කඩල තිබුන. ඔය වාර්තාව හදන්න සම්බන්ධවුණු පස් දෙනාගෙන් ඇමතිද ඇතුළුව හතර දෙනෙක්ම සුළු ජාතීන්. ඕක ගැන ගිය අවුරුද්දේ විරෝධයක් ආහම, ජනාධිපතිතුමා පොරොන්දු වුන ඒ ගැන සාකච්චා කරන්න සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනවා කියලා. ඒක කලේ නැති වුනාට මේ විදියට පනත පරද්දපු එක ඊට වඩා හොඳයි. ජනාධිපතිතුමාගේ මොන වැරදි තිබ්බත් විධායකය අහෝසි කරන රනිල්ගේ උගුලට අහු නොවුණු එක ගැන ස්තුති වෙන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

