අගමැතිගේ කමිටු වාර්තාව ඔක්තෝබර් නම් ඡන්දය ජනවාරියේ
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිං මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගලකමිටුවක් පත්කිරීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කර තිබේ.
මෙම කමිටුව ඉදිරියේදී නම් කිරීමට නියමිත අතර මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ දේශපාලඥයින් නොවන අදාළ ක්ෂේත්රය පිළිබඳ විද්වතුන්ය.
පළාත් කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවට ඊයේ පාර්ලිමේන්තුවේදී අනුමැතිය නොලද හෙයින් ව්‍යවස්ථානුකූලව කථානායකවරයා විසින් පනතේ 4(12) වගන්තිය අනුව පියවර ගනු ලැබිය යුතුය.
මේ පළිබඳව ඊයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
කථානායකවරයාගේ ප්‍රකාශ කර ඇත්තේ කිසිම හේතුවකින් පළාත් සභා මැතිවරණය කල් නොදැමිය යුතු බවයි. පක්ෂ නායකයින්ට අමතරව කථානායකවරයා විසින් මැතිවරණ කොමිසම් සභාපති හා සීමා නිර්ණ කොමිසම් සභාපතිවරුන් සමගද ඉක්මන් මැතිවරණයක් සඳහා දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගත් බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් නම් කරන කමිටුව අදාළ නිර්දේශ ඔක්තෝබර් මැද වන විට ලබා දෙන්නේ නම්, 2018 ජනවාරි මස පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා පූර්ණ සහාය ලබා දෙන බවට අදාළ පාර්ශව එකඟ වී ඇත.
popular news
-
Champa Saturday, 25 August 2018 03:17 PM
පළාත් සභා ජනවාරි තියන එක අගමැතිගේ ගුණ්ඩුවක්. දෙසැම්බර් වල ETCA අත්සන් කරනවා කියලා ඉන්දියාව කියලා තියෙනවා. එතකොට මත්තල ඉන්දියාවට විකුනන එක අත්සන් කරන්නෙත් දෙසැම්බර් වල. පළාත් සභා ජනවාරි තියන්නේ එතකොට ඒකාබද්ධ විපක්ෂේ ඒක පස්සේ දුවන නිසා, පාර්ලිමේන්තුවට කවුරුවත් එන්නේ නැති නිසා රනිල්ට ඔය ගිවිසුම් දෙකම නිකම්ම චන්දයක් නැතුවම වුනත් පාස් කර ගන්න පුළුවන්. මෙච්චර දෙයක් අපේ දේශපාලකයන්ට තේරෙන්නේ නැත්නම් වැඩක් නැහැ. මම මෙහෙමෙ කියන්නේ ගිය අවුරුද්දේ දෙසම්බරුත් මේකම කරපු නිසා. රනිල් පළාත් පාලන චන්දෙ පෙබරවාරි තියල දෙසැම්බර මාගම්පුර වරාය ගිවිසුම අත්සන් කළා. ඒකට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂෙන් චන්දෙ දෙන්න පාර්ලිමේන්තුවේ හිටියේ 5ස් දෙනයි මට මතක හැටියට. අහව්වහම කිව්වේ මන්ත්‍රීවරු ඔක්කොම පිට පළාත් වලට ගිහින් කියලා. මේකම තමයි ආපහු වෙන්නේ. මේක කතා වෙලා කරන වැඩක් වගේ පෙන්නේ. රනිල් දන්නවා ඒකාබද්ධ විපක්ෂේ disorient කරන්න හොඳම විදිය චන්දයක් කියලා. අනිත් අතට ඉන්දියාවට කත් අදින මිනිස්සු හැම පක්ෂේකමත් ඉන්නවා. මත්තල විදේශ රටකට දෙන්න ඉඩ දෙන්න නැහැ කියපු ජනාධිපති රැස්වීම ගානේ වැල් සීපද කියා කියා යනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

