අංක එකේ විස්සයි20 කණ්ඩායම ලංකාව හමුවේ පසුබසියි
පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ලාහෝර් නුවර පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 64ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
පාකිස්තානය මේ වන විට ලෝකයේ අංක එකේ විස්සයි20 කණ්ඩායම වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ අට වැනි ස්ථානයේයි.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 165/5ක් රැස්කළේය. ආරම්භක පිතිකරු දසුන් ශානක ලකුණු 57ක් වාර්තා කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 101/10 (පන්දුවාර 17.4) පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ණුවන් ප්‍රදීප් හා ඉසුරු උදාන කඩුලු 3 බැගින් දවාගත්හ.
තරගයේ වීරයා ලෙස ධනුෂ්ක ගුණතිලක සම්මාන ලැබීය.

popular news
-
Deepal Nirosh Saturday, 12 October 2019 09:22 PM
උණුසුම් සාඩබ්බර සුභ පැතුම්! ඔහොමම ඉද්ර්යා යමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

