කොරෝනා 19 වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු වූ අකුරුණ එම් නිස්තාර් නැමැත්තා සමග සෘජුවම සම්බන්දකම් පැවැත්වු 16 දෙනෙකු හදුනාගෙන නිරෝධයනයට යොමු කර ඇති බව මහනුවර මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති අසංන රාජපක්ෂ මහතා පැවැසිය.
මෙම පුද්ගලයා වෛද්‍ය ප්‍රථිකාර ලබාගත් පෞද්ගලික වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරයාද මේ වන විට නිරෝධනයට ලක් කර ඇති බවද ඔහු පැවැසිය.මේ අතර මෙම පුද්ගලයා සමග ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අනිත් පුද්ගලයාද සොයමින් පවතින බවද මහනුවර මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති අසංන රාජපක්ෂ මහතා පැවැසිය.
සුදුහුම්පල,වැරල්ලගම,ගම්පොල,වත්තේගම ප්රෙද්ස වල මෙම පුද්ගලයා ඇසුරු කල පුද්ගලයින් පිළිබදව මහනුවර මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් විසින් සොයමිනි පවතින බවද ඔහු පැවැසිය.
චමිල් රූපසිංහ